IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

මෙරට පවුලක් කැනඩාවේදී මරා දමලා

(විමුක්ති එස් රුද්‍රිගු)

කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්‍රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කළේය.

මෙම ඝාතන සිදුකර ඇත්තේ ෆේබ්‍රියෝ ද සොයිසා නම් 19 හැවිරිදි  ශ්‍රී ලාංකිකයකු විසින් බවත් ඔහු කැනඩාවේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා පැවසුවේය.ඝාතන සිදුව ඇත්තේ එරට වේලාවෙන් පසුගිය බදාදා පස්වරු 10.52ට පමණ බවත් සැකකරු පිහියක් වැනි තියුණු ආයුධයකින් ඇන ඝාතන සිදු කර ඇති බවට සැක කෙරෙන බවත් ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව,දරුවන් සිව් දෙනා සහ එම පවුලේ හිතවතෙකු බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.එම දරුවන්ගේ පියා බරපතළ තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොමැති බවත් ඔටාවා පොලිසිය පැවැසුවේය.ඝාතනයට ලක්වූ දරුවන් සිව් දෙනාම වයස අවුරුදු 7ට අඩු බවත් මෙය ඉතාමත් ඛේදජනක සිදුවීමක් බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක,හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ, දෙමස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ සහ වික්‍රමසිංහ පවුලේ හිතවතකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අයවලුන් බව ඔටාවා පොලිසිය පැවසුවේය.දරුවන්ගේ පියා ධනුෂ්ක වික්‍රමසිංහ ලෙස හඳුනාගෙන ඇති බවද ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

වික්‍රමසිංහ පවුල මෑතකදී කැනඩාව වෙත පැමිණ ඇති බවත් පවුලේ බාල දියණිය වූ කෙලී වික්‍රමසිංහ කැනඩාවේ උපත ලබා ඇති බවත් ඔටාවා පොලිසිය පැවැසුවේය.සැකකරු සහ මියගිය ගාමිණී අමරකෝන් වික්‍රමසිංහ පවුල සමඟ එකම නිවසේ පදිංචි වී සිට ඇති බවත් ගාමිණි අමරකෝන් මෑතකදී ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති බවත් ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කර ඇත.

මෙම ඛේදජනක සිදුවීමට දින කිහිපයකට පෙර වික්‍රමසිංහ පවුල ෆේබ්‍රියෝ ද සොයිසාගේ 19 වැනි උපන් දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වමින් ෆේබ්‍රියෝගේ විශේෂ දිනය සැමරීමට උදව් වූ බව හිල්ඩා ජයවර්ධනාරාමයේ භන්තේ සුනීත ස්වාමින් වහන්සේ කැනඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේය.

වික්‍රමසිංහ පවුල හිල්ඩා ජයවර්ධනාරාමය වෙත නිරන්තරයෙන් පැමිණෙන බවත් තම මිත්‍රයාවූ ධනුෂ්ක වික්‍රමසිංහගේ සුවදුක් විමසීම සඳහා රෝහල වෙත ගිය බවත් භන්තේ සුනීත ස්වාමින් වහන්සේ එහිදී ප්‍රකාශ කළේය.සිද්ධිය සිදුවූ දිනයේ ෆේබ්‍රියෝ හැසිරීම් රටාවේ කිසිම වෙනසක් නොදුටු බවත් ඔහුට සිය පවුල ඝාතනය කිරීමට හේතුවක් දන්නා තරමින් නොමැති බවත් ධනුෂ්ක වික්‍රමසිංහ තමන් වෙත පැවැසූ බව භන්තේ සුනීත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිටින ෆේබ්‍රියෝගේ දෙමවුපියන්ද ධනුෂ්ක වික්‍රමසිංහ මුණගැසී ඇති බවත් මසකට දෙකකට පමණ පෙර ෆේබ්‍රියෝ වික්‍රමසිංහ පවුල පදිංචිව සිටි නිවසේ බිම් මහලේ පදිංචියට පැමිණ ඇති බවත් භන්තේ සුනීත ස්වාමින් වහන්සේ පැවැසුවේය.ෆේබ්‍රියෝ ද සොයිසා මෑතකදී ඔහු ඉගෙනුම ලැබූ අධ්‍යාපන ආයතනයෙන් ඉවත් වී ඇති බවත් ඔහුට අධ්‍යාපන ආයතනයේ ගැටළු රාශියක් තිබී ඇති බවත් දැනගනන්ට ලැබුණු බව ධනුෂ්ක වික්‍රමසිංහ තමන් වෙත පැවැසුවේ යැයි භන්තේ සුනීත ස්වාමින් වහන්සේ කැනඩා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.එසේම ෆේබ්‍රියෝට සියදිවි නසා ගැනීමේ සිතුවිලි තිබූ බවට ඔහුගේ හැසිරීම් රටාවෙන් තේරුණු බව ධනුෂ්ක වික්‍රමසිංහ සුනීත ස්වාමින් වහන්සේ ඉදිරිපිටදී පවසා ඇත.

ෆේබ්‍රියෝ ද සොයිසා අවසන් වරට සිය ඉගෙනුම් කටයුතු සඳහා සහභාගී වී ඇත්තේ පසුගිය වසරේ ශීත සෘතුවේදී බව ඔහු ඉගෙනුම ලැබූ අධ්‍යාපන ආයතනය තහවුරු කර ඇත.පිරිසිඳු කිරීමේ රැකියාවක නිරත වූ ධනුෂ්ක වික්‍රමසිංහ පසුගිය බදාදා දින රාත්‍රියේ රැකියාව අවසන් වී ගෙදර පැමිණි අවස්ථාවේදී මෙම පහර දීම ගැන දැනගෙන ඇතැයි සුනීත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය.එම අවස්ථාවේදී ෆේබ්‍රියෝ අල්ලාගෙන මගේ පවුලට සිදුවූයේ කුමක්දැයි ධනුෂ්ක වික්‍රමසිංහ පවසා ඇති බවත් එහිදී ඔවුන්ට කිසිවක් නොකළ බව ෆේබ්‍රියෝ ප්‍රකාශ කිරීම හේතුවෙන් ධනුෂ්ක ඔහුව අත්හැර ඇති බවත් සුනීත ස්වාමින් වහන්සේ පැවැසුවේය.පහරදීම හේතුවෙන් ධනුෂ්කගේ අතේ ඇඟිලි දෙකක කොටස වෙන් වී ඇති බවත් ඉන් එක් ඇඟිල්ලකට සාර්ථකව ප්‍රතිකාර කර ඇති බවත් සුනීත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය.

ෆේබ්‍රියෝ ද සොයිසාට විරුද්ධව මිනීමැරුම් චෝදනා 6 ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් ගොනු කර ඇති බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

ප්‍රථම වතාවට ඊයේ (07) දහවල් කාලයේදී සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුව එළඹෙන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ෆේබ්‍රියෝ ඉතාම අඩුවෙන් කතා කර ඇති බවත් ප්‍රකාශ කර ඇත්තේ නම සහ උපන්දිනය පමණක් බවත් ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඝාතන සිදුකිරීමේ චේතනාව තවමත් පැහැදලි නොමැති බවත් ඝාතන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඔටාවා පොලිසිය පැවැසුවේය.කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඝාතන හෙළා දකිමින් ප්‍රකාශයක් කරමින් මෙම සිදුවීමෙන් මුළු කැනඩාවම කම්පනයට පත්වී ඇතැයි ප්‍රකාශ කළේය.

නැවත එළඹෙන 14 වැනිදා නඩුව කැඳවීමට නියමිතය.කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්‍රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කළේය.

නැවත එළඹෙන 14 වැනිදා නඩුව කැඳවීමට නියමිතය.

(ඝාතන සැකකරු)

අදහස් (13)

මෙරට පවුලක් කැනඩාවේදී මරා දමලා

janaka Friday, 08 March 2024 08:31 AM

පොඩි ආයුධයකින් මෙච්චර දෙයක් කරන කම් මහ දෙන්නට බැරි උනාද එක වලක්වා ගන්න.... තුවක්කුවකින් වත් මෙහෙම කරන්න ලොකු ගේමක් දෙන්න වෙනව.............. නිවන්සුව ලැබේවා

:       60       40

ලුම්බිණි Friday, 08 March 2024 09:29 AM

හරිම කනගාටුදායකයි.

:       3       52

sathyapalaFriday, 08 March 2024 01:32 PM

මම තව එකක් කියල තියන්නම්. මේ මිනීමරුවා හොද සල්ලි තිබෙන පවුලක එකෙක්. හැබැයි ඒ සල්ලි හොයලා තියෙන්නේ හොද විදිහට නොවෙයි. අනෙක් කරුණ අම්ම හෝ තාත්තා සල්ලි සහ වෙනත් හේතු නිසා හොද පවුල් ජිවිතයක් ගත කරන්නේ නෑ කියලා 99% ස්ථිරයි. කවුද කියලා හෙළි වුනාම බලමු. මෙහෙම කියන්නේ ආගමික හේතු නිසා අපරාධ සල්ලි වලින් ජීවත්වුණාම පළදෙනවා කියලා හෝ සාස්තරකාරයෙක් ලෙස නොවේ. සමහර පවුල් සල්ලි සහ විකාර ජිවිත ගතකරමින් ඉදලා දරුවෝ හරියට හදන්නේ නෑ . ඇතිවෙන්න සල්ලි නිසා අඩු වයසිම රට පටවලා. සල්ලි විසිකරලා දරුවෝ හදන්න බෑ. බිහිවෙන්නේ කාලකන්නියෝ. දරුවෙක් හදනකොට ආදරය කරුණාව ආරක්ෂාව සමග යහපත් පවුල් පසුබිමක් තුල හදන්න ඕනේ. අම්මා සැලුන් ගානේ දුවමින් චින්චිමානවිකාවෝ වෙලා තාත්තා සල්ලි මත්තෙම නහෙමින් ජල්තර කරමින් සල්ලිරැස් කරලා දරුවා ලොකු ඉස්කෝලෙකට දාලා බස බස ගාල ඉංගිරිසි කතාකරන්න පුළුවන් උනා කියලා ඌ මිනිහෙක් වෙන්නේ නෑ. එක්කෝ කුඩ්ඩෙක් මදාවියෙක් මිනිමරුවෙක් ස්ත්‍රී දුෂකයෙක් සල්ලාලයෙක් මැරයෙක් තමයි බිහිවෙන්නේ. දරුවෝ හැදීම කලාවක්. ඒ වෙනුවෙන් දෙමවුපියන් ගොඩක් දේවල් කැපකළ යුතුයි. ලෝකෙට පෙනෙන්න ෆන් අරගෙන දරුවෝ හදපුහාම වෙන දේ

:       6       100

nimalFriday, 08 March 2024 08:16 PM

සත්‍යපාල ඔබගේ ප්‍රකාශය සමග 100% එකඟ වෙමි. ලංකාවේ දෙමාපියන් ඔවුන්ගේ දේපල පවා විකුණා විශාල වශයෙන් මුදල් වියදම් කර ඔවුන්ගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා විදෙස් රටවලට යැවීම සිදුවුවද ඔවුන්ගෙන් 80% නිසි අධ්‍යාපනයක් නොලබන බව හෝ අධ්‍යාපනය නවතා රැකියාවන් වෙත යොමුවී හෝ වෙනත් දුෂිත කටයුතුවල නිරත වන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර ඇත.

:       1       6

Rohana Friday, 08 March 2024 10:28 AM

මිනීමරුවාට නීතියෙන් නිසි දඩුවම් දිය යුතුයි.

:       2       36

sathyapala Friday, 08 March 2024 12:36 PM

ජනක ඔයා කියන්න හදන්නේ මමනම් දෙනවා ඌට උඩින් ගිහින් බිම වැටෙන්න වගේ ලෝකෙට හඟවන්න. කටින් ගහන අයියලා ඇත්තට මුහුණ දුන්නම ඇදුමේ පහ වෙනවා. මම 1999 විතර බෝම්බයක් පිපිරිලා තුවාල කරුවන් ගෙනෙන තැනක හිටියා. සමහර සොල්දාදුවන් පවා කලන්තය දාල බිම හිදගන්නවා දැක්කා. මිනිස්සු අනතුරකදී හැසිරෙන්නේ නොසිතු විලසට. එය කලින් කියන්න අමාරුයි. විශේෂ හමුදා හෝ වෙනත් පුහුණුවක් නැත්නම්. අර කියමනක් තියෙන්නේ ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් උත්තරය දාර්ශනිකයි කියලා.

:       0       60

පිටරැටියා Friday, 08 March 2024 02:47 PM

මිනිසා මෙතරම් පව්කාර තත්ත්වයකට පත් වුණේ ඇයි? මොන හිතකින් කුඩා දරුවන් ඝාතනය කළාද? හරිම කණගාටුදායකයි.

:       0       42

බද්රානි Friday, 08 March 2024 04:21 PM

සිද්ධිය කැනඩාවේ සිදු වුණාට, ශ්‍රී ලාංකික සමාජයේ පිරිහීම තමයි මේ ඛේදවාචකයෙන් පිලිබිඹු වෙන්නේ... දෙමස් හැවිරිදි ළදරුවෙකු ඇතුළු මේ සියලු දෙනාවම ඝාතනය කිරීමට හේතුව තමයි සාකච්ඡා කළ යුත්තේ... මම අහන්නේ, මේතරම් කුඩා දරුවන් සිටින විශාල පවුලක්, ඇයි අවුරුදු 19ක් වයසැති ඥාති හෝ පිටස්තර පුද්ගලයකු ගෙදර රඳවා ගත්තේ...? ලෝකේ කොහේ හිටියත් ලංකාවේ මිනිස්සු කියන්නේ නොදියුණු ආකල්ප වලින් පිරුණු ගෝත්‍රික ජන කොටසක්.. "අහක යන නයි රෙද්දේ අස්සේ දමාගෙන, කනවෝ කියමින් කෑගසන පිරිසක්.. මේ මිනීමැරුම, එක ගෙදර වාසය කරන අය ඝාතනය කිරීමට තරම්, විශාල වෛරයකින් සැලසුම් සහගතව කළ ඝාතනයක්.. ඔය වයසේ තරුණයින් ඔවුන්ගේ ආවේග පිටකරන්නේ විවිධ විදි වලටයි.. නිහඬ බව, විශාල ඛේදවාචකයක ආරම්භයක් විය හැකි බව වැඩිහිටියන් තේරුම් ගත යුතුයි. ලංකාවේදී පිස්සන් නිර්මාණය කොට, ලෝකයට දායාද කරන නරුමයින් පිරුණු රටක් බව දැනටමත් ලෝකයට ඔප්පුකොට හමාරයි...! මිනීමරුවා ගැන කැනඩාවේ නීතිය බලා ගනීවි.. (ඔවුන් මිනීමරුවා බන්නාධගාර රෝහල් ගත නොකරාවි) මෙවැනි ඝාතනයකට හේතුවන කරුණු කාරණා සොයා බලා, මින් ඉදිරියටවත් මෙවැනි නරුමයින් බිහි නොවන සමාජයක් ඇති කිරීමට කටයුතු කළ යුතුයි...

:       14       42

විපරමා Friday, 08 March 2024 07:35 PM

මේ වගේ සිද්ධීන් වලින් අන්තිමට කැනඩාවෙන් අපේ රටට දෙන වීසාත් නැතිවෙන්න බැරි නැහැ...

:       6       22

Lelwala Friday, 08 March 2024 08:19 PM

පසුගිය කාලේ රැල්ලෙ හිටිය කෙනෙක් වෙන්න ඇති.

:       6       3

ajith Friday, 08 March 2024 09:16 PM

තමන්ට මොනතරම් ප්‍රශ්න තිබුණත්, වටේ ඉන්න උදවිය ඝාතනය කිරීම කිසිම අයුරකින් සාධාරණීකරණය කළ හැකි දෙයක් නොවේ. මොහුට හිමි විය යුත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පමණයි. බොහෝ විට, ජීවිතාන්තය දක්වා සිර දඬුවමට පසු මොහුව එරටින් පිටුවහල් කරනු ඇත.

:       0       28

Lalla Saturday, 09 March 2024 09:18 AM

මේක පැහැදිලිව මානසික අවපීඩනයට ලක්වූ සහ කාන්තාවට බලහත්කාරකම්වලට උත්සාහ කර නොහැකිවූ නිසා සිදුවූවක් වගේ නේද? බලමු පරීක්ෂණ වාර්තාව ඉදිරියට..

:       3       28

fairoos Saturday, 09 March 2024 11:09 AM

ඉතාම කණගාටුයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

දියත

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 141 1

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.

අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 821 5

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.

මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 527 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1534 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස

’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 2228 16

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.

ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 2986 2

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1744 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1576 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site